පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවති අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් චමුදි ප්රබෝධා ප්රමුඛ ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
පාකිස්තානයේ ෆයිස්ලාබාද්හිදී පැවති මෙම තරගාවලිය සඳහා පාකිස්තානය, ශ්රී ලංකාව සහ බංග්ලාදේශය එක්වූ අතර, තරගාවලියේ අවසන් තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ මෙම ඓතිහාසික ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.














