ප්රංශයේ ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල තත්ත්වය සම්බන්ධයෙන් ආරම්භ වූ විරෝධතා ප්රචණ්ඩ කැරලි සහ කොල්ලකෑම් දක්වා වර්ධනය වීමත් සමඟ එරට ප්රදේශ කිහිපයකට සීමා පැනවූ ඇඳිරි නීතියක් ක්රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පැරිස්, ලියොන් සහ මාර්සෙයි ඇතුළු නගර කිහිපයක ගොඩනැගිලි ගිනි තැබීම් සහ ව්යාපාරික ස්ථාන කොල්ලකෑම් වාර්තා වී ඇති අතර, මෙම විරෝධතා හා ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් ප්රංශය පුරා පුද්ගලයන් 2,400කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.














