වයඹ පළාත් සභාවේ ග්රාමීය ආයුර්වේද රෝහල් දෙකක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 160ක පමණ මුදලක් වැය කරමින් වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් විශේෂඥ වෛද්ය එම්.පී.එස්.කේ.ආර්. මුතුගල මහතා පවසයි.
අඹන්පොළ සහ මාදම්පේ ග්රාමීය ආයුර්වේද රෝහල් මෙලෙස නවීකරණය කෙරෙන අතර, මාස හයක ව්යාපෘතියක් ලෙස මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය. රුපියල් මිලියන 90.3ක් වැය කරමින් අඹන්පොළ රෝහලේ ඇඳන් 25කින් යුත් වාට්ටුවක් සහ පංචකර්ම වාට්ටුවක් ඉදි කෙරෙන අතර, රුපියල් මිලියන 70ක් වැය කරමින් මාදම්පේ ආයුර්වේද රෝහලේ ද පංචකර්ම සහ යෝග සඳහා වූ වාට්ටු සංකීර්ණයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.














