ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සහ බෙල්ජිමය සමඟ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් බ්රසල්ස්හි ශ්රී ලංකා නිල නිවසේදී විශේෂ සංචාරක ප්රවර්ධන හමුවක් පවත්වා ඇත.
බෙල්ජිමයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය, එමිරේට්ස් ගුවන් සේවය සහ ජෙට්වින් ට්රැවල්ස් ආයතනය එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා නිල සංචාරයක නිරත වූ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්රමරත්න මහතා විශේෂ අමුත්තා ලෙස එක්ව තිබේ. සංචාරක ක්ෂේත්රයේ නියෝජිතයන් සහ ප්රභූ අමුත්තන් 50කට වැඩි පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවේදී ශ්රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය, වනජීවී සහ සංස්කෘතික උරුමයන් මෙන්ම ආගන්තුක සත්කාරය පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කර ඇත. තවද, සජීවී ආප්ප සැකසීමේ කුටියක් සහ සාම්ප්රදායික පාන වර්ගවලින් අමුත්තන් සංග්රහ කර ඇති අතර, ජයග්රාහකයන් වෙත නොමිලේ ගුවන් ටිකට්පත් සහ ගොඩබිම් සංචාරක පැකේජ ප්රදානය කිරීමද මෙහිදී සිදු විය.














