දිවයින පුරා පිහිටි විශ්වවිද්යාල විද්යායතන හයේ ක්රියාත්මක ව්යාපෘති සහ ඒවායේ පවතින ගැටලු විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතාගේ ප්රධානත්වයෙන් පවත්වා තිබේ.
ඒ අනුව, අදාළ සාකච්ඡාව 2026 ඔක්තෝබර් 19 වැනිදා නිපුණතා පියස අමාත්ය කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්වුණේ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ නිලධාරීන් සහ විශ්වවිද්යාල විද්යායතනවල ප්රධානීන්ගේ සහභාගීත්වයෙනි.
එහිදී විද්යායතනවල ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය මෙන්ම අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩලවල ගැටලු, ඉඩම්, ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන් මාතර, කුලියාපිටිය, බටන්ගල, රත්මලාන සහ යාපනය විශ්වවිද්යාල විද්යායතනවල ගැටලු නිරාකරණය කිරීමට ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත.
වෘත්තීය අධ්යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අදාළ ආයතනවල ගැටලු හඳුනාගෙන ඒවාට ප්රායෝගික විසඳුම් ලබාදීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
















