ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට මොහොමඩ් සෆ්රාන් සමත්ව තිබේ.
පිරිමි T47 දුර පැනීමේ ඉසව්වට එක්වූ ඔහු සිය අවසන් උත්සාහයේදී මීටර් 6.55ක දුරක් පනිමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එම ඉසව්වේදී යූසූෆ් සල්මාන් මීටර් 6.28ක දුරක් පනිමින් සිව්වැනි ස්ථානයටත්, බුද්ධික හේෂාන් මීටර් 6.11ක දුරක් පනිමින් පස්වැනි ස්ථානයටත් පත්ව තිබේ.
මේ අතර, කාන්තා T47 මීටර් 200 මූලික වටයේ තරගයට එක්වූ ජනනි ධනංජනා වික්රමසිංහ තත්පර 25.80ක සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්ව ඇත.
රෝද පුටු ටෙනිස් තරගයකදී ශ්රී ලංකාවේ ගාමිණී දිසානායක ඉරානයේ මොහොමඩ් හමීඩ් ලකුණු 7-5 සහ 6-3ක් ලෙස පරාජය කරමින් තරගය වට 2-0කින් ජය ගැනීමට සමත්ව තිබේ.
ඉදිරියේදී තීක්ෂණ ජයතිලක F57 කවපෙත්ත විසිකිරීමේ සහ යගුලිය විසිකිරීමේ අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිත අතර, සෆ්රාන්, සල්මාන් සහ මදුරංග සුභසිංහ ද තමන්ට අදාළ මීටර් 100 මූලික වටයේ තරගවලට එක්වීමට නියමිතය.














