රත්නපුර නව නගරයේ රජයේ නිලධාරීන් සඳහා නිවාස ඒකක 200කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රුපියල් මිලියන 5,886.97ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම ව්යාපෘතිය වසර පහක කාලසීමාවක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත.
2025 ඔක්තෝබර් 14 වැනිදා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, කොලින් ක්රසන්ට් ප්රදේශයේ පිහිටි රජයේ නිල නිවාස වෙනුවට මෙම නව නිවාස සංකීර්ණය ඉදිකිරීමට යෝජනා වී තිබේ.
දැනට රජයේ නිල නිවාස පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී අනාගත සංවර්ධන කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට ද තීරණය කර ඇත. ඒ අනුව, ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.















