නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ සැකකරුවෙකු ඊයේ (20) උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මත්පැන් තොගය සොයාගෙන ඇති අතර, එහිදී මත්පැන් බෝතල් 100ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















