යාපනය – කිලිනොච්චිය මාර්ගයේ පලෙයි පොලිස් වසමේ පුදුක්කාඩු ප්රදේශයේදී ත්රිරෝද රථයක් ගවයෙකුගේ ගැටී පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (20) දහවල් යාපනය දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ත්රිරෝද රථය මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටීමෙන් පෙරළී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ කාන්තාවක් තුවාල ලබා පලෙයි රෝහලට ඇතුළත් කර තිබේ. පසුව වැඩිදුර ප්රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට මාරු කර යවා ප්රතිකාර ලබමින් සිටියදී කාන්තාව මියගොස් ඇත.
මියගිය කාන්තාව වයස අවුරුදු 68ක් වන පලෙයි ප්රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















