අම්බලන්ගොඩ, කරීත්තකන්ද පන්සල අසල ගොඩනැගිල්ලක් ඉදිකරමින් තිබූ ස්ථානයක අද (21) දහවල් පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයන් සිව්දෙනෙකු සේවයේ නිරතව සිට ඇති අතර, පස් කන්ද කඩා වැටීමත් සමඟ එක් අයෙකු දිවගොස් දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.
පස් කන්දට යටවූ පුද්ගලයන් සොයා ප්රදේශවාසීන් සහ අම්බලන්ගොඩ පොලිසිය එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබේ. එහිදී පස්වලට යටවී සිටි තිදෙනා සොයාගෙන මුදාගෙන ඇති අතර, ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.













