ජාත්යන්තර පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසයට සමගාමීව කාන්තාවන් වෙනුවෙන් නොමිලේ පියයුරු සහ ගැබ්ගෙල පිළිකා පරීක්ෂණ සායනයක් සහ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සෙනසුරාදා (ඔක්තෝබර් 24) කොළඹ 13, කොටහේන ප්රදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පිළිකා අතර පියයුරු පිළිකාව පළමු ස්ථානයේත්, ගැබ්ගෙල පිළිකාව දෙවන ස්ථානයේත් පවතින බව සෞඛ්ය අමාත්යාංශයේ දත්ත උපුටා දක්වමින් වාර්තා වේ. රෝග මුල් අවධියේදී හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමද මෙම වැඩසටහනේ ප්රධාන අරමුණකි.
මෙහිදී සායනික පියයුරු පරීක්ෂාව සහ ගැබ්ගෙල පිළිකා පූර්ව අවධියේ වෙනස්කම් හඳුනාගැනීමට උපකාරී වන පැප් ස්මියර් පරීක්ෂාව පිළිබඳව අවධානය යොමු කෙරේ. අදාළ වයස් කාණ්ඩවල කාන්තාවන් සහ අවශ්යතාව ඇති අය නියමිත සෞඛ්ය මාර්ගෝපදේශ අනුව පරීක්ෂණ සඳහා යොමුවීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරේ.
කොළඹ මහ නගර සභාවේ ප්රධාන මහජන සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය කේ. ශ්රීප්රතාපන් මහතාගේ මඟපෙන්වීමෙන් සහ දිස්ත්රික් 1 සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය පවිත්රා මුතුකුඩ මහත්මියගේ අධීක්ෂණයෙන් වැඩසටහන ක්රියාත්මක වේ. කොටහේන නැගෙනහිර කොට්ඨාසයේ කොළඹ මහ නගර සභා මන්ත්රීනි ගායත්රී වික්රමසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙන්, ‘She Leads’ කාන්තා සංවිධානය සහ කොටහේන නැගෙනහිර ‘ප්රජාශක්ති’ සංවිධානය එක්ව මෙය සංවිධානය කරනු ලබයි.
කොළඹ නගරාධිපතිනි ව්රායි කෙලී බැල්තසාර් මහත්මිය මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.













