ඇමරිකාවේ Utah ප්රාන්තයේදී රිය පදවන අතරතුර ජංගම දුරකථනයෙන් අසභ්ය වීඩියෝ නැරඹූ බව කියන 44 හැවිරිදි කාන්තාවක සම්බන්ධ රිය අනතුරකින් 66 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
Christine Chao නමැති එම කාන්තාව Levan ප්රදේශය ආසන්නයේ Interstate 15 අධිවේගී මාර්ගයේදී පදවාගෙන ගිය SUV රථය ඉදිරියෙන් ගමන් කළ වාහනයක ගැටීමෙන් වාහන තුනක් අනතුරට ලක්ව ඇත. මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එම අවස්ථාවේ වාහනවල වේගය අඩු වී තිබූ බව වාර්තා වේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ Scott Lichfield නමැති 66 හැවිරිදි පුද්ගලයා පසුව මියගොස් තිබේ.
පොලිස් විමර්ශනවලදී කාන්තාවගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමෙන් අනතුර සිදුවීමට මිනිත්තු දෙකකටත් අඩු කාලයකට පෙර අසභ්ය වීඩියෝ නැරඹීමට භාවිත කරන වෙබ් අඩවියකට පිවිස තිබූ බව අනාවරණය වූ බව සඳහන් වේ. රිය පැදවීමේදී අවධානය වෙනතකට යොමු වීම අනතුරට හේතු වූ බවට පොලිසිය විමර්ශනය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 20 වැනිදා ඇයට පුද්ගල මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් Automobile Homicide නම් අපරාධ චෝදනාව එල්ල කර ඇති බව TMZ වෙබ් අඩවිය වාර්තා කරයි.














