පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්රියාත්මක වන අපරාධ හා මත්ද්රව්ය නිවාරණ මෙහෙයුම් යටතේ 2026 ඔක්තෝබර් 20 වැනිදා පුද්ගලයන් 27,279 දෙනෙකු පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයන් 499 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම මෙහෙයුම්වලදී අපරාධවලට සම්බන්ධ බවට සෘජුව හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දින වරෙන්තුකරුවන් 331 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 234 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම බීමත්ව රිය පැදවූ රියදුරන් 272 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 87 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රථවාහන සම්බන්ධ වෙනත් වැරදි සඳහා ද පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති අතර, එවැනි වැරදි 4,208ක් වාර්තා වී තිබේ.
දිවයින පුරා සියලුම ප්රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.














