ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම විසින් ශ්රී ලංකාවේ ප්රථම රුලං පිටි ඇඹරුම්හල පසුගියදා නිල වශයෙන් විවෘත කර තිබේ. මෙය සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ දියුණුවට ද වැදගත් පියවරක් ලෙස සැලකේ.
2008 වසරේදී ආරම්භ කළ ඩයමන්ඩ් පැස්ටා සමාගම, රෝසා සහ මිලාන් යන සන්නාම යටතේ මෙරට වෙළෙඳපොළට පැස්ටා නිෂ්පාදන ඉදිරිපත් කරයි. ජාත්යන්තර තත්ත්ව ප්රමිතීන්, නවීන ඉතාලි යන්ත්රෝපකරණ සහ Bühler තාක්ෂණය භාවිත කරමින් එම නිෂ්පාදන සිදුකරන බව සමාගම සඳහන් කරයි.
නව රුලං පිටි ඇඹරුම්හල ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා ඉහළ යන පැස්ටා ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදන සැපයුම ශක්තිමත් කිරීමට සමාගම අපේක්ෂා කරයි.
එමෙන්ම, රුලං පිටි දේශීයව ඇඹරීමේ හැකියාව වර්ධනය කිරීම හරහා ආනයනික අමුද්රව්ය මත පවතින යැපීම අවම කිරීමටත්, මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමටත් මෙම ආයෝජනය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













