ජාත්යන්තර පොලිස් සංගමයේ (International Police Association – IPA) 69 වන ලෝක සමුළුව අද (21) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා මෙහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
2026 ඔක්තෝබර් 20 සිට 25 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 69ක් නියෝජනය කරමින් නියෝජිතයන් 400කට අධික පිරිසක් එක්ව සිටිති. ජාත්යන්තර පොලිස් සංගමයේ ලෝක සමුළුවක් ආසියානු රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, ජාත්යන්තර සබඳතා සහ සංස්කෘතික හුවමාරුව ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් ද හිමිව තිබේ.
ලොව පුරා සාමාජිකයන් 600,000කට අධික පිරිසකගෙන් සමන්විත මෙම රාජ්ය නොවන සංවිධානය, සේවයේ නියුතු සහ විශ්රාමික පොලිස් නිලධාරීන් අතර වෘත්තීය, සමාජීය හා සංස්කෘතික මිත්රත්වය වර්ධනය කිරීම අරමුණු කර ගනී. “Servo per Amikeco” හෙවත් “මිත්රත්වය තුළින් සේවය” යන ආදර්ශ පාඨය යටතේ ක්රියාත්මක වන එම සංගමයේ වත්මන් ලෝක සභාපතිවරයා වන්නේ මාටින් හොෆ්මන් මහතා වන අතර, ශ්රී ලංකා ජාතික සංගමයේ සභාපතිත්වය පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා විසින් දරනු ලබයි.
සමුළුවෙන් අනතුරුව ඔක්තෝබර් 25 සිට 31 දක්වා ජාත්යන්තර පොලිස් සංගමයේ මිත්රත්ව සතිය පැවැත්වීමට නියමිතය. එහිදී විදේශීය නියෝජිතයන්ට ශ්රී ලංකාවේ පුරාණ නගර, ඓතිහාසික ස්ථාන, ස්වභාවික පරිසරය, දේශීය ආහාරපාන සහ සංස්කෘතික සම්ප්රදායන් අත්විඳීමට අවස්ථාව සැලසේ.
සමුළුව අමතමින් අමාත්ය විජිත හේරත් මහතා ශ්රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් විදේශීය නියෝජිතයන් පිළිගත් අතර, දේශසීමා හරහා සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ ජාල සහ නීතිය ක්රියාත්මක කිරීමේදී මතුවන නව අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්යන්තර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය.














