උමා ඔයේ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් උමා ඔයේ ජල මට්ටම විටින් විට ඉහළ යාමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.
මේ දිනවල දිවා කාලයේදී මෙන්ම රාත්රී කාලයේදී ද උමා ඔය ජල පෝෂක ප්රදේශවලට වැසි ඇදහැලෙන බැවින්, වැලිමඩ දරගල ප්රදේශයේ සිට උමා ඔය ජලාශය දක්වා වූ කොටස ආශ්රිතව කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබේ.
විශේෂයෙන්ම උමා ඔය අවට සහ පහත්බිම්වල පදිංචිකරුවන් ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, ඔය භාවිත කිරීමේදී විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් වැලිමඩ ආපදා කළමනාකරණ නිලධාරීන් දැනුම් දෙයි.













