අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (22) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අනුරාධපුර ප්රදේශ කිහිපයකට පැය 8ක ජල සැපයුම් අත්හිටුවීමක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්යස්ථානයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, එමඟින් පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක ජල සේවාවක් ලබාදීම අරමුණ බවයි මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව විජේපුර, පාලඩිකුලම, නෙළුම්කුලම, කවරක්කුලම, නාච්චාදුව, හිදෝගම, තුරුවිල, නෙල්ලිකුලම, තලාව, ශ්රාවස්තිපුර සහ දෙකේ කණුව යන ප්රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇති.
මීට අමතරව අනුරාධපුර නගරයේ දෙවන සහ තෙවන අදියරවලට අඩු පීඩනයකින් ජලය සැපයීම සිදුවනු ඇතැයි අපේක්ෂා කරනවා.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතා අවම කරගැනීම සඳහා අවශ්ය ජලය කල්තියා රැස්කරගෙන, එය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














