2026 වෙළඳ සේවා පිහිනුම් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය සමත්ව තිබේ.
ශ්රීලංකන් ගුවන් සේවය නියෝජනය කළ පිහිනුම් ක්රීඩක ක්රීඩිකාවන් 64 දෙනෙකුගේ දක්ෂතා, කණ්ඩායම් හැඟීම සහ කැපවීම මත ප්රසාද ලකුණු 582ක් ලබා ගනිමින් මෙම ජයග්රහණය හිමිකරගෙන ඇත.
දශක දෙකකට ආසන්න කාලයකට පසු මෙම ශූරතාව දිනා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවයට හැකිවීම විශේෂත්වයකි.
සමස්ත ශූරතාවට අමතරව නවක පිරිමි සමස්ත ශූරතාව, නවක කාන්තා සමස්ත ශූරතාව සහ පිරිමි සමස්ත ශූරතාව ද දිනා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය සමත්ව තිබේ.














