වත්මන් ආණ්ඩුව “රටම අනුරට” යන තේමාවෙන් බලයට පත්වුවද, අද වන විට රට ඉදිරියට ගෙන යනවා වෙනුවට අඳුරට තල්ලු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී චානක මාදුගොඩ මහතා පවසනවා.
මාධ්ය වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා සඳහන් කළේ, බලයට පත්වීමට පෙර විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ නමුත්, එම පොරොන්දුව ඉටු කරනවා වෙනුවට කෙටි කාලයක් තුළ රට විදුලි කප්පාදුවක් කරා ගෙන යන තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
බාල ගල් අඟුරු ආනයනය කිරීමෙන් ඇතිවිය හැකි ප්රතිවිපාක පිළිබඳව තමන් ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බවද ඔහු ප්රකාශ කළා. එම අවස්ථාවලදී ආණ්ඩුවේ පිරිස් ඒ පිළිබඳව උපහාසාත්මකව ප්රතිචාර දැක්වූ බවටද මන්ත්රීවරයා චෝදනා කළා.
නොරොච්චෝලේ බලාගාරය අක්රිය වීම සහ විදුලි සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයට බාල ගල් අඟුරු ආනයනය හේතු වී ඇති බවටද චානක මාදුගොඩ මහතා චෝදනා කර තිබෙනවා.














