නුවරඑළිය ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අඹේවෙළ ජලාශයේ වාන් දොරටු ඊයේ (20) පස්වරුවේ විවෘත කිරීමත් සමඟ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ආග්රාඔය පිටාර ගැලීමෙන් ලිදුල පොලිස් වසමට අයත් මෙරායා තංගකැලේ වතුයායේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
ආග්රාඔයේ ජලය පිටාර ගැලිමත් සමඟ එම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, ජලය බැස යෑමෙන් පසු ඔවුන් යළි නිවෙස් වෙත ගොස් ඇති බව ලිදුල පොලිසිය පැවසීය. මේ අතර, අධික වර්ෂාවත් සමඟ අඹේවෙළ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය සහ නුවරඑළිය-හෝටන්තැන්න ප්රධාන මාර්ගය වැසි ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට පැයකට ආසන්න කාලයක් බාධා පැමිණි බව අඹේවෙළ දුම්රිය ස්ථානාධිපති අසේන්ද්ර දිසානායක මහතා සඳහන් කළේය.














