කළුතර බන්ධනාගාරය තුළට අද (21) පස්වරුවේ බන්ධනාගාරයට පිටතින් සිට පැමිණි පුද්ගලයෙකු විසින් පාර්සල් කිහිපයක් විසි කර ඇති අතර, එය වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක කුලුනුවල නිලධාරීන් අහසට වෙඩිතැබීමක් සිදු කර තිබේ.
බන්ධනාගාරයට පිටතින් පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත්වන ලෙස නිලධාරීන් කළ දැනුම්දීම් නොතකා බන්ධනාගාරය තුළට පාර්සල් විසිකිරීමත් සමඟ නිලධාරීන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සැකකරු වෙඩි හඬත් සමඟ පලාගොස් ඇත. කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළට පතිත වූ පාර්සල් දෙකක් පරීක්ෂා කිරීමේදී ඒවා තුළ හෙරොයින් (කුඩු) සහ ගංජා තිබී හමුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














