නායයෑමට ලක් වූ වටවල දුම්රිය ස්ථානයේ ප්රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ශ්රී ලංකා යුද හමුදාව වෙත පසුගිය (20) දින නිල වශයෙන් භාර දී තිබේ.
අගෝස්තු මස 2 වන දින වටවල ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය ස්ථානයට බරපතළ හානි සිදුවූ අතර, නොවැම්බර් 1 වන දින සිට ශ්රී ලංකා ඉංජිනේරු බලකාය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ප්රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් දුම්රිය ස්ථානයේ කටයුතු එම පරිශ්රයේම පිහිටි ගුඩ්ශෙඩ් ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් අධිකාරි ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා සඳහන් කළේය. එසේම, උලපනේ සහ ගම්පොළ අතර නායගිය ප්රදේශය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු මේ වසර අවසන් වන විට කොළඹ කොටුවේ සිට තලවකැලේ දක්වාත්, 2027 වසරේ මුල් කාර්තුවේ සිට කොළඹ සිට බදුල්ල දක්වාත් දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.














