ත්රිකුණාමලය සිට කන්කසතුරය, කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් හෙට (22) පෙරවරු 6.00 දක්වා වලංගු වන පරිදි අද (21) පස්වරු 5.00 ට මෙම නිවේදනය නිකුත් කර ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැයට කිලෝමීටර් 60-70 දක්වා) ඇති විය හැකි අතර, මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.














