අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල අනුනාහිමිපාණන් වහන්සේගේ දේහයට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (20) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
අපවත් වන විට 96 වන වියෙහි පසුවූ උන්වහන්සේ, දශක හතරකට වැඩි කාලයක් ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරය හොබවමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ බෞද්ධ සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරු 2.00ට රාජ්ය අනුග්රහයෙන් මහනුවර ගැටඹේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.














