ශ්රී ලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ (IT) පද්ධති හැකර්වරුන්ගේ ප්රහාරයකට ලක්ව හෝ ඔවුන්ගේ පාලනයට යටත්වී ඇති බවට පළවන මාධ්ය වාර්තා සහ ප්රසිද්ධ ප්රකාශ ශ්රී ලංකන් ගුවන් සේවය තරයේ ප්රතික්ෂේප කර තිබේ.
පසුගිය ජුනි 29 වන දින බාහිරව පළ වූ සයිබර් හිමිකම් පෑමක් සම්බන්ධයෙන් වහාම තාක්ෂණික පරීක්ෂණ සහ ආරක්ෂක පියවර ගෙන ඇති බව එම ආයතනය නිවේදනය කරයි. එහිදී අභ්යන්තර පද්ධතිවලට හෝ මෙහෙයුම් කටයුතුවලට කිසිදු අනවසර ප්රවේශයක්, දත්ත සොරකමක් හෝ සේවා බාධාවක් සිදුවී නොමැති බව තහවුරු වී ඇත. ගුවන් සේවයේ සියලුම මෙහෙයුම් සහ විද්යුත් තැපැල් පහසුකම් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්රියාත්මක වන බවත්, කිසිදු කප්පම් ඉල්ලීමක් හෝ සාකච්ඡාවක් සිදුවී නැති බවත් ශ්රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් තහවුරු කර සිටී.














