ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අපවත්වී වදාළ පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව අද (21) පස්වරුවේ ගැටඹේ ක්රීඩාංගණයේදී පැවැත්විණි.
දශක 8ක දිගු කාලයක් මෙරට ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිස්සරණාධ්යාසයෙන් උදාර මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ. අග්රමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු ආණ්ඩු පක්ෂයේ දේශපාලන නියෝජිතයෝද, හිටපු කථානායක කරූ ජයසූරිය සහ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ. ශ්රී ලාංකික බෞද්ධ භික්ෂුවට අනන්ය වූ ඍජු ගුණයෙන් අසූ වසක් මෙරට ශාසනාලෝක කළ කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනාහිමියන්ට අමාමහ නිවන් සුව ප්රාර්ථනා කරමු.














