ඉන්දියාවේ පිහිටි ස්වාභාවික වායු බලයෙන් ක්රියාත්මක වන ඇමෝනියා සහ යුරියා කම්හලක්, වාර්ෂිකව මෙට්රික් ටොන් මිලියන 1.1 ක හරිත ඇමෝනියා නිෂ්පාදනය කළ හැකි පුනර්ජනනීය බලශක්ති පහසුකමක් බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබේ. AM Green Ammonia (India) Private Limited ආයතනය විසින් ක්රියාත්මක කරන මෙම ව්යාපෘතිය සඳහා ආසියා සංවර්ධන බැංකුව (ADB) සහ ජපානයේ මූල්ය අනුග්රහය හිමිවී ඇත. ආසියා පැසිෆික් කලාපයේ බලශක්ති සුරක්ෂිතතාව සහ තිරසාරභාවය අරමුණු කරගත් නව මුලපිරීමක් යටතේ ලබාදෙන පළමු ආයෝජනය මෙය වන අතර, ජපාන ජාත්යන්තර සහයෝගීතා නියෝජිතායතනය මගින් අරමුදල් සපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණයක්ද මෙම මූල්ය පැකේජයට ඇතුළත් වේ. පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කරමින් මෙලෙස හරිත ඇමෝනියා නිෂ්පාදනය කිරීම හරහා කාබන් විමෝචනය දැඩි ලෙස අවම කර ගැනීමට සහ කර්මාන්ත ක්ෂේත්රයේ හරිත පරිවර්තනයක් ඇති කිරීමට හැකි වනු ඇති බව ආසියා සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.













