වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා වූ දුමින්ද හුළංගමුව මහතාගෙන් මේ වන විට ආර්ථික උපදෙස් ලබා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයා වූ දුමින්ද හුළංගමුව මහතාම වත්මන් ජනාධිපතිවරයාගේ ද ආර්ථික උපදේශකවරයා වී සිටින බව පෙන්වා දුන් මන්ත්රීවරයා, මෙහි ඇති උත්ප්රාසාත්මක කරුණ වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්ථික ප්රතිපත්ති දැඩි ලෙස විවේචනය කළද, වත්මන් ආණ්ඩුව ද එම උපදේශකවරයාගේ උපදෙස් මත කටයුතු කිරීම බව සඳහන් කළේය.
මේ අතර, රටේ යහපත වෙනුවෙන් වැඩකිරීමට හැකි දක්ෂ පුද්ගලයින් විපක්ෂයේද සිටින බව ආණ්ඩුව පිළිගන්නා බව අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්රකාශ කළ බවත්, එම අවස්ථාවේදී අමාත්යවරයා විපක්ෂ අසුන් පෙළේ සිටි තමන් දෙස පෙන්වමින් එම අදහස් දැක්වූ බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.













