ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් සහ එල්සෙවියර් (Elsevier) ආයතනයේ ස්කොපස් දත්ත පදනම ආශ්රයෙන් වාර්ෂිකව ප්රකාශයට පත් කරන ලෝකයේ ප්රමුඛතම විද්යාඥයන් 2% අතරට ශ්රී ලංකාව නියෝජනය කරමින් විද්යාඥයන් 68 දෙනෙකු ඇතුළත් වී තිබේ. ලොව පුරා විවිධ ක්ෂේත්රවල කැපීපෙනෙන විද්යාඥයන් හඳුනා ගැනීම සඳහා විද්යාත්මක ක්ෂේත්ර 22ක් සහ උප ක්ෂේත්ර 174ක් ආවරණය කරමින් මෙම ශ්රේණිගත කිරීම සිදු කර ඇති අතර, එහිදී විද්වතුන්ගේ සමස්ත වෘත්තීය ජීවිතය පුරා කළ පර්යේෂණවල බලපෑම මෙන්ම එක් එක් වර්ෂය තුළ අත්කර ගත් පර්යේෂණ කාර්යසාධනය දැඩි ඇගයීමකට ලක් කර ඇත.
මෙම නවතම නිල ලැයිස්තුවට අනුව ශ්රී ලංකාවට අනුබද්ධ විද්යාඥයන් 39 දෙනෙක් සමස්ත වෘත්තීය ජීවිතයේ බලපෑම යටතේ ද, විද්යාඥයන් 68 දෙනෙක් එක් නිශ්චිත වර්ෂයක පර්යේෂණ බලපෑම යටතේ ද ඇතුළත්ව සිටිති. මෙරට විශ්වවිද්යාල පද්ධතිය නියෝජනය කරමින් පේරාදෙණිය විශ්වවිද්යාලය, ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය, කොළඹ විශ්වවිද්යාලය, යාපනය විශ්වවිද්යාලය සහ මොරටුව විශ්වවිද්යාලය ඇතුළු උසස් අධ්යාපන ආයතනවල ප්රමුඛ පෙළේ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් රැසක් මෙම ගෞරවනීය ලැයිස්තුවට හිමිකම් කියමින් ශ්රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ජාත්යන්තර මට්ටමෙන් තහවුරු කර තිබේ.
















