ගෑස් මෙට්රික් ටොන් 3,900ක තොගයක් රැගත් ‘CORINTHIAN’ නෞකාව අද (22) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි. මෙය මේ සතියේ මෙරටට පැමිණෙන සිව්වන ගෑස් නෞකාව වන අතර, මෙම නව තොග ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම ස්ථාවර කරමින් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.
මීට අමතරව, මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් ‘FRANCOIS’ නෞකාව පසුගිය 19 වන දින මෙරටට ළඟා වූ අතර, එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සහ සාර්ථකව සිදු කරමින් පවතින බවද එම සමාගම වැඩිදුරටත් කියා සිටී.
















