2026 ඔක්තෝබර් 21 වැනිදා උදෑසන තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුර–පාදෙණිය මාර්ගයේ කෝන්වැව ප්රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 77 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා තඹුත්තේගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














