විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 17 වැනිදා ආරක්ෂිත ක්රමවේද අනුව ප්රධාන විදුලි පද්ධතියෙන් ඉවත් වූ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය යළි සක්රීය කිරීමේ කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකරමින් පවතී.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා ඊයේ (21) පෙරවරුවේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එහිදී ඉංජිනේරු හා තාක්ෂණික නිලධාරීන් සමඟ බලාගාරය යළි සක්රීය කිරීමේ ක්රියාවලිය කඩිනම් කර සාමාන්ය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය කරුණු සොයා බලා උපදෙස් ලබාදී ඇත.
මෙම ගැටලුකාරී අවස්ථාවේදී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ට අමාත්යවරයා සිය ස්තුතිය ද පළ කර තිබේ.
අද (22) දිනය වනවිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය යළි ක්රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි එහි නිලධාරීන් ප්රකාශ කර ඇති බව සඳහන් වේ.














