ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත පැරණි පුවතක් බව විදේශ කටයුතු අමාත්යාංශය අවධාරණය කරයි.
එම පුවතට අදාළ සංචාරය සිදුව ඇත්තේ 2026 පෙබරවාරි 23 වැනිදා බව අමාත්යාංශය සඳහන් කරයි. ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි පූජකතුමා ඇතුළු දූත පිරිස ශ්රී ලංකාවේ ප්රධාන ශිව දේවාල කිහිපයක් ඇතුළු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්ව තිබේ.
රාමායණ මංපෙත ඇතුළු මෙරට ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණ ඉන්දියානු බැතිමතුන් සහ සංචාරකයන් අතර ප්රවර්ධනය කිරීම මෙම සංචාරයේ ප්රධාන අරමුණක් වී ඇත.
ශ්රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ මෙරට සංචාරක ගමනාන්තයක් ලෙස ප්රචලිත කිරීම මෙන්ම දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම ද මෙම සංචාරයේ අරමුණු අතරට ඇතුළත් වූ බව අමාත්යාංශය සඳහන් කරයි.
එබැවින් මෙම සංචාරය වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්ය බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්යාංශය, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැලකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














