වැඩිහිටි රැකවරණය වෙනුවෙන් රුපියල් මිලියන 77ක වියදමින් නව වැඩසටහනක් ක්රියාත්මක කිරීමට මධ්යම පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන මාතලේ, කොටුවෙදෙගර සහනෝදය ජ්යෙෂ්ඨ පුරවැසි නිවහනේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා සහ නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා විවෘත කර තිබේ.
මෙම නව ගොඩනැගිල්ල තුළ ජ්යෙෂ්ඨ පුරවැසියන් 25 දෙනෙකු සඳහා පහසුකම් සලසා ඇත.
2050 වසර වන විට ශ්රී ලංකාවේ ජනගහනයෙන් සියයට 25ක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි වැඩිහිටියන්ගෙන් සමන්විත වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මෙම වැඩසටහනට සමගාමීව විශේෂ අවශ්යතා සහිත දරුවන්ට හා පුද්ගලයන්ට අධ්යාපනික සහ වෛද්ය ආධාර ලබාදීම, ඇස් කණ්ණාඩි බෙදාදීම මෙන්ම අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා අවශ්ය උපකරණ සහ ආධාර ලබාදීම ද සිදුකර තිබේ.













