සුරක්ෂිත නිවසක් නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස 12,000ක් මේ වසර තුළ ඉදිකර අවසන් කරන බව අමාත්ය සුසිල් රණසිංහ මහතා පවසයි.
වරප්රසාද අහිමි ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම ජාතික ජනබලවේග රජයේ ප්රමුඛ කාර්යයක් බව නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න මහත්මිය සඳහන් කර තිබේ.
නිවාස සංවර්ධන අධිකාරිය මගින් හිසට සෙවණක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නව නිවාස ඉදිකර ලබාදීමේ ජාතික ව්යාපෘතියක් දිවයින පුරා ක්රියාත්මක කර ඇත.
එම ව්යාපෘතිය යටතේ තලංගම, වල්පොල ප්රදේශයේ ඉදිකළ නව නිවසක් ද නිවැසියන් වෙත භාරදීම සිදුකර තිබේ.














