ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්රමයට සහ රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාවකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPE) අනුමැතිය හිමිව තිබේ.
2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ මෙම ණය යෝජනා ක්රමය ඉදිරිපත් කර ඇති අතර, පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්රමුඛතාව ලබා දෙමින් ණය ලබාදීමට නියමිත බව අදාළ නිලධාරීන් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්ව තිබේ.
එහිදී රාජ්ය ප්රසම්පාදන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ විධිමත් ක්රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම නව ප්රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රාජ්ය ප්රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්රියාත්මක PROMIS පද්ධතිය මේ වන විට අමාත්යාංශ 19ක් ඇතුළුව සක්රීය ප්රසම්පාදන ඒකක 394ක් ආවරණය කරයි. 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්ය දෙපාර්තමේන්තු ද ඊට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.
එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ප්රදානයක් හිමිවන අතර, නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර අනුමැතිය සඳහා ලෝක බැංකුව වෙත යොමු කර ඇති බව ද සඳහන් වේ.
ඖෂධ ඇතුළු අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීමේදී සහ ඖෂධ ලියාපදිංචි කිරීමේදී පවතින ප්රමාදයන් අවම කිරීම, වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ නැංවීම, ප්රසම්පාදන කමිටුවල මූල්ය සීමාවන් ඉහළ නැංවීම සහ නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්රමවේද හඳුන්වාදීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.














