ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද (22) තවදුරටත් පහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.38 සිට රුපියල් 327.50 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, ඩොලරයේ විකුණුම් මිල ද රුපියල් 336.38 සිට රුපියල් 336.48 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ගල්ෆ් කලාපීය මුදල් ඒකක ඇතුළු අනෙකුත් මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව ද රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.














