චීනයේ නිරිතදිග ටිබෙට් ස්වයං පාලන කලාපයේ උතුරු ප්රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ.
චීන භූමිකම්පා ජාල මධ්යස්ථානය (CENC) සඳහන් කරන පරිදි, භූමිකම්පාවේ කේන්ද්රය Nagqu ප්රදේශයේ පිහිටි අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇත.
භූකම්පාවේ කේන්ද්රය අවට ප්රදේශවල ජනතාවට එහි කම්පනය පැහැදිලිව දැනී ඇති බව වාර්තා වේ. එම ස්ථානය ටිබෙටයේ අගනුවර වන ලාසා නගරයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටා ඇත.
2024 ජනවාරි මාසයෙන් පසු චීනයට බලපෑ ප්රබලතම භූමිකම්පාව මෙය බව වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත්, මුල් වාර්තා නිකුත් වූ අවස්ථාව වන විට ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ තහවුරු කළ තොරතුරු වාර්තා වී නොතිබුණි.













