කටාර් රාජ්යය සහ ප්රංශය, හෝමුස් සමුද්ර සන්ධියේ නාවික ගමනාගමනයට නිදහස තහවුරු කරන ලෙසත්, ගාසා තීරයේ සටන් විරාමය ක්රියාත්මක කරන ලෙසත් ඉල්ලා තිබේ.
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානි සහ ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අතර දෝහාහි පැවති හමුවකින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්රකාශයක මේ බව සඳහන් වේ.
එම ප්රකාශයට අනුව, කිසිදු සීමාවකින් හෝ ගාස්තුවකින් තොරව හෝමුස් සමුද්ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යළි ස්ථාපිත කිරීමේ වැදගත්කම නායකයන් අවධාරණය කර තිබේ.
කලාපීය ආතතීන් අවම කර සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා රාජ්යතාන්ත්රික උත්සාහයන් අඛණ්ඩව ක්රියාත්මක වන බව කටාර් මැදිහත්කරු ඉබ්රාහිම් බින් සුල්තාන් අල් හෂ්මි මීට පෙර ප්රකාශ කර තිබිණි. ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි ද රාජ්යතාන්ත්රික ක්රියාමාර්ග සඳහා තවත් අවස්ථාවක් ලබාදීමට ඉරානය සූදානම් බව පවසා ඇත.
එමෙන්ම, කලාපයේ රටවල් වෙත එල්ල වූ ඉරාන හමුදා ප්රහාර ජාත්යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව කටාර් සහ ප්රංශ නායකයන් ඒකාබද්ධ ප්රකාශයෙන් හෙළා දැක තිබේ.















