ගෝලීය රක්ෂණ සහ කළමනාකරණ ක්ෂේත්රයේ විශිෂ්ටතමයන් ඇගයීමට ලක් කෙරෙන කීර්තිමත් GAMA ගෝලීය සම්මාන උළෙලේදී මෙරට රක්ෂණ ක්ෂේත්රය නියෝජනය කරමින් HNB ලයිෆ් ආයතනයේ ප්රමුඛ පෙළේ නායකයින් අට දෙනෙක් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වීමට සමත්ව තිබේ. ආයතනයේ නායකත්ව නල මාර්ගයේ ශක්තිය සහ ප්‍රභූ උපදේශක සංවර්ධන සංස්කෘතිය වෙනුවෙන් පිරිනැමුණු මෙම ගෝලීය ඇගයීම්, දේශීය මූල්‍ය හා රක්ෂණ ක්ෂේත්රයේ වෘත්තීය ප්රමිතීන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට සමත් වූ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැමගේ අවධානයට ලක්ව ඇත.
මෙම ජයග්‍රහණවල අග්රප්රාප්තිය ලෙස, HNB ලයිෆ් හි විධායක උප සභාපති සහ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී හරින්ද්‍ර රාමසිංහ මහතා වෙත කීර්තිමත් ‘මාස්ටර් ෆර්ම් සම්මානය’ හිමිවී ඇති අතර, එය GAMA Global හි ඉහළම සහ ගෞරවනීයම සම්මානයක් ලෙස සැලකේ. තිරසාර ව්‍යාපාර ව්‍යාප්තිය මෙහෙයවීම, ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම සහ ආයතනික විශිෂ්ටත්වය පෝෂණය කිරීම වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානයට අමතරව, ආයතනයේ අලෙවි නායකයින් හත් දෙනෙකු ද ජාත්‍යන්තර කළමනාකරණ සම්මාන සහ පෙරටුගාමී නායක සම්මාන කාණ්ඩ යටතේ සම්මාන දිනා ගැනීමට සමත් වීම විශේෂිතය.
මෙම දීර්ඝකාලීන සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වන කළමනාකාරීත්වය පෙන්වා දෙන්නේ, දිවයින පුරා විසිරී සිටින උපදේශකයින් සහ ඒකක කළමනාකරුවන්ගේ සාමූහික කැපවීම මෙම ජාත්‍යන්තර පිළිගැනීම පිටුපස ඇති ප්‍රධානම බලවේගය බවයි. ආර්ථික අභියෝග හමුවේ වුවද මානව ප්රාග්ධනය සංවර්ධනය කරමින් සහ ජනතාව බලගන්වමින් ඉදිරියට පියමං කරන HNB ලයිෆ් ආයතනය, ඉදිරියේදී මෙරට රක්ෂණ ක්ෂේත්රයේ නව ප්රමිතීන් බිහි කරමින් ගෝලීය තරගකාරීත්වය හමුවේ ශ්‍රී ලංකා නාමය තවදුරටත් ඔසවා තැබීමට මෙම ජයග්‍රහණය ප්‍රබල ණුවක් කරනු ඇත.














