ජපානයේ පැවැත්වෙන 5 වැනි ආසියානු පැරා ක්රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ (T47) ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ජනනි ධනංජනා වික්රමසිංහ සමත්ව තිබේ.
එහිදී මීටර් 5.52ක දුරක් පනිමින් ඇය මෙම ජයග්රහණය හිමිකරගෙන ඇත.
මෙම ජයග්රහණයත් සමඟ ජාත්යන්තර පැරා මලල ක්රීඩා පිටියේ ශ්රී ලංකාවට කීර්තියක් එක් කිරීමට ජනනි ධනංජනාට හැකිව තිබේ.













