2026 ඔක්තෝබර් 22 වැනිදා දහවල් වාද්දූව පොලිස් වසමේ කැකුණගහ තොටුපළ ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත වාද්දූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ගෝඩා ලීටර් 3,410ක්, එනම් බැරල් 13ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වාද්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













