2026 ඔක්තෝබර් 22 වැනිදා මිනුවන්ගොඩ පොලිස් වසමේ මාතම්මන ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක්, එනම් බෝතල් 100ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













