සුනඛයන් ලියාපදිංචි කිරීමේ සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ නව පනත් කෙටුම්පත 1848 යටත්විජිත සමයේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා පැනවූ ‘බලු බද්ද’ වැනි ආදායම් උපයන බද්දක් නොවන බව පාර්ලිමේන්තුවේදී ප්රකාශ විය.
ශ්රී ලංකාවෙන් ජලභීතිකාව සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ සුනඛ ගහනය විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කර ඇති අතර, වයස සති හයකට වැඩි සෑම සුනඛයෙකුටම ජලභීතිකා මර්දන එන්නත ලබාදී පළාත් පාලන ආයතනයකින් ලියාපදිංචි සහතිකය ලබාගැනීම මෙහිදී අනිවාර්ය කර ඇත.
රජයේ එකම අරමුණ මහජන සෞඛ්යය ආරක්ෂා කිරීම සහ සත්ව සුභසාධනය තහවුරු කිරීම බව පෙන්වා දී ඇති අතර, මෑත වසරවලදී ජලභීතිකා මරණ සංඛ්යාව 14ක් දක්වා අවම කරගැනීමට හැකි වුවද සුනඛ සපාකෑම් සඳහා ප්රතිකාර කිරීමට වාර්ෂිකව රුපියල් මිලියන 655.82ක් වැය කිරීමට සිදුව තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා සහ සංශෝධන ගැඹුරින් සැලකිල්ලට ගැනීම සඳහා එහි සම්මත කරගැනීම වෙනත් දිනකට කල් තබා ඇත.













