තායිවානයට බලපෑ ‘චම්පි’ සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 171 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යතුරුපැදිවලින් ඇද වැටීම් ඇතුළු රථවාහන අනතුරු සහ කඩා වැටුණු ගස් හා දැන්වීම් පුවරු මතටමෝටර් රථ හෝ පුද්ගලයින් ගැටීමෙන් මෙම තුවාල ලැබීම් සිදුව ඇති අතර, තුවාල ලැබූවන් අතර විදේශිකයින් 9 දෙනෙකු ද වන බව වාර්තා වේ.













