මැලේසියාවේ සිට පැමිණි මොංගෝලියානු ධජය සහිත නෞකාවක තිබී කෙටමින් මත්ද්රව්ය ටොන් 1.16ක ප්රමාණයක් අත්අඩංගුවට ගත් බව ඉන්දුනීසියානු පොලිසිය පවසයි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට, මෙම සතියේ මුල් භාගයේදී උතුරු සුමාත්රා පළාතට අයත් මුහුදු සීමාවේදී පොලිසිය සහ රේගු නිලධාරීන් ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීමේදී ඉන්දුනීසියානු ජාතිකයන් හත්දෙනෙකු සහ තායිවාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දුනීසියානු ජාතික පොලිස්පති සුයුඩි අරියෝ සෙටෝ සඳහන් කර ඇත. ගෝනි 58ක අසුරා තිබූ මෙම කෙටමින් මත්ද්රව්ය කිලෝග්රෑම් 1,160ක ප්රමාණයේ සමස්ත වීදි වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 192.64ක් පමණ වන බවද පොලිසිය පවසයි. අදාළ නෞකාව මැලේසියාවේ පැසීර් ගුඩාං වරායෙන් පිටත්ව මලක්කා සමුද්ර සන්ධිය හරහා ගමන් කර ඇති අතර, ගමනාගමනය අතරතුර වෙනත් නෞකාවකින් මෙම මත්ද්රව්ය ලබාගෙන ඇති බවට බලධාරීන් දැඩි සැක පළ කරයි. නෞකාව අත්අඩංගුවට ගැනීමට පෙර එහි ස්වයංක්රීය හඳුනාගැනීමේ පද්ධතියේ අසාමාන්යතා නිරීක්ෂණය කර ඇති බවද බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.












