උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් නුවරදී පැවති දෙවැනි ජාත්යන්තර ළමා පිළිකා සම්මන්ත්රණය සහ ළමා යහපැවැත්ම පිළිබඳ ලෝක සමුළුවේදී ළමා පිළිකා සඳහා ප්රතිකාර සේවා වැඩිදියුණු කිරීම, අත්යවශ්ය ඖෂධ ලබාගැනීමේ පහසුකම් සලසා දීම සහ පීඩාවට පත් දරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. “අනාගත පරපුර සඳහා තිරසාර හා සාධාරණ සංවර්ධනයකට මංපෙත්” යන තේමාව යටතේ රටවල් 100කට අධික සංඛ්යාවකින් නියෝජිතයන් 600කට වැඩි පිරිසක් එක්වූ මෙම සමුළුවේදී ළමා සෞඛ්යය, අධ්යාපනය, ළමා දරිද්රතාවය සහ පෝෂණ ඌනතා අවම කිරීම මෙන්ම දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. ජාත්යන්තර කැපවීම් ජාතික මට්ටමින් ඵලදායී ලෙස ක්රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සම්මත කරගත් සමර්කන්ඩ් ප්රකාශනයට අනුකූලව, ශ්රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා දරුවන්ගේ කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය වෛද්ය නාමල් සුදර්ශන මහතා මෙම සමුළුවට සහභාගී වී තිබේ.











