අම්පාර – සමන්තුරේ ප්රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ විශේෂ පශු වෛද්ය කණ්ඩායම් විසින් අඛණ්ඩ ප්රතිකාර කටයුතු සිදු කරනු ලබයි. වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම වන අලියා සාමාන්යයෙන් මනා ශරීර සෞඛ්යයකින් යුත් පුෂ්ටිමත් සතෙකු වන අතර, සත්ත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුණ ද උදරය අසාමාන්ය ලෙස ඉදිමී ඇති බව වනජීවී නිලධාරීහු නිරීක්ෂණය කර තිබේ.
මෙම වන අලියා බේරා ගැනීමේ හදිසි මෙහෙයුම සඳහා යුද හමුදාව සහ පොලිසිය ද දැඩි සහයෝගයක් ලබා දී ඇති අතර, වනජීවී බලධාරීන් සහ පශු වෛද්යවරුන් එක්ව සත්ත්වයාට අවශ්ය ඖෂධීය සහ වෛද්ය ප්රතිකාර ලබා දෙමින් ඔහුගේ සෞඛ්ය තත්ත්වය නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් සිටිති.













