නිට්ටඹුව නගරයේ පිහිටි ප්රධාන පෙළේ යන්ත්රෝපකරණ සහ විදුලි උපකරණ අලෙවිසලක අද (23) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කර එහි ව්යාප්තිය වැළැක්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් වහාම එම ස්ථානයට යොදවා ගිනි නිවීමේ මෙහෙයුම් ක්රියාත්මක කළ බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම හදිසි ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න හේතුවෙන් ව්යාපාරික ස්ථානයට සිදුව ඇති දේපළ හානි පිළිබඳවද මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැත. පොලිසිය සහ අදාළ අංශ විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.













