පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල මෙන්ම මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට අපහාස කළේ යැයි සඳහන් කරමින් කොටුව මහේස්ත්රාත්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම සම්බන්ධයෙන් වන නඩුව යළි කැඳවා තිබේ. ඒ අනුව, නම් කරන ලද අදාළ පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති කරුණු සහ ඒ සඳහා වන විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අදාළ නඩුව එළඹෙන නොවැම්බර් මස 11, 12 සහ 13 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත.













